මා කියනා ගී පදවැල් අහන්න
මා ලියනා කවි සීපද කියවන්න
දෙඅත් වලින් ගෙල බදාන
නැලවෙන්න
මගෙ හිමි සදට පොඩි වේලාවක් නැද්ද
යහනේ සිටන් එන සුසුමන් නොදැනේද
සිහිනෙන්වත් මා හා තනි රකිනවද
මුනිවත රැකන් කියනා දෙය
නොතේරෙද
මගේ හිමි සද ආලය නොදන්නෙද
දුරින් හිදන් නුබ සැනසේනම්
ඔහොම
ලගින් ඉන්න මා තෝරාගත්තේ කුමට
වින්දත් දහක් දුක් ඉවසාගෙන
මෙහෙම
මමත් ලියක් මගෙ හිමි හට ආලය
කරන
තනියෙන් හඩන මගෙ සිත නුබ
නලවන්න
දන්නේ නැද්ද නැත්නම් ඔය නුබෙ
හැටිද
නැද්දෝ ඉතින් මතකෙට මා
පැමිණෙන්නේ
මගේ හිමි සදට වැඩ පමණද යුතු වන්නේ
දෑස පුරා නුබ රිසිසේ දැක ගන්න
හිත පුරාම නුබෙ ආලය පුරවන්න
නුබට අවැසි නැත්නම් මෙය කුමකටද
මගෙ හිමි සදට දැන් මා නොවටින්නේද
අඩමින් ඉන්න මගෙ සිත ගෙන නලවන්න
නුබව සොයන නෙතු සනහාලන්න
ළමැද හොවා නුබෙ සුවදම
විදගන්න
නුබ වැනි පුතෙක්වත් මගේ හිමි
සද මට දෙන්න
~R.F~